Friday, October 28, 2011

Api ayeth hamu novunaanam By Somathilaka Jayamaha අපි ආයෙත් හමු නොවුනානම් සෝමතිලක ජයමහ

අපි ආයෙත් හමු නොවුනානම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුනානම්
 
ඔබ නොහඳුනනා විරහ වෙදනා
පෙරදා වින්දෙ මා පමනයි 
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නෙ මා පමනයි
 
සමුගන්නට නම් අහිමි ආදරෙන්
මේ ලෙස ඇයි අප හමුවන්නෙ
ආදරයේ කඳුලින් මියයන්නද
ජීවත ඉරණම විසඳෙන්නෙ 
 
ගායනය :සෝමතිලක ජයමහ
Api Ayeth Hamu Nowuna Nam - Somathilaka Jayamaha by Me

Monday, October 24, 2011

Rangahala dan atha By Wijerathna Warakaagoda & Anulaa Bulathsinhala රඟහල දැන් ඇත - විජෙරත්න වරකාගොඩ සමග අනුලා බුලත්සිංහල

රඟහල දැන් ඇත අඩ අඳුරෙ
අප දෙදෙනා පෙම් පිලිසඳරෙ
අන්න බලන් කුමරිය මනමෙ
තනිවී ඇත හිමගිරි අරනෙ

දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ

අවසන් වසරෙ සරසවියෙ
ඔබෙ අත අරගෙන හන්තානෙ
කඳු පාමුල මහවැලි සෙවනෙ
මණමෙ කුමරිය ඔබද ළඳේ

හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා..
…    
   ගායනය විජෙරත්න වරකාගොඩ සමග අනුලා බුලත්සිංහල
???? ???? ?? ???????? ??????? by Loku John

Wednesday, October 5, 2011

පැන මඩ කඩි ති- සුනිල් එදිරිසිංහ Sunil Edirisinghe - Pana mada kadithi

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ

රන්මසු පට පිලී අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
ගායනය : සුනිල් එදිරිසිංහ
ගී පද  : මහින්ද  චන්ද්‍රසෙකර

ලා දළු බෝපත් කරුණාරත්න දිවුල්ගනේ Dalu Bopath - Karunarathna Divulgane

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...

ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවනැල්ලක් වී...

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ලඟ යශෝදරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දීනිවී පහන් විය උදෑසනක් සේ..