Wednesday, October 31, 2012

හුරතලේට කවි කියමින් - Hurathaleata kavi kiyamin - Victor Rathnayaka

හුරතලේට කවි කියමින්
එහෙ මෙහෙ ගිය මං …
බාල බොළද බස් දොඩමින්
කැලේ පැන්න මං…
බාල වියෙන් පිටමන් වී
යොවුන් වියට පිය මැන්නේ …
…පිය ළඳුනෙ
නුඹ නිසාය …//

කැදලි පුරා කුරුලු පුරේ
ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු
තුරුවැල් පෙම් කෙලිනු දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය

හුරතලේට කවි කියමින් ...... …

උනුන් හඹා දුවන පනින
සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන
ආදරවන්තයින් දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය

හුරතලේට කවි කියමින් ...... …


ගායනය හා සංගීතය :වික්ටර් රත්නායක
පද රචනය :මහාචාර්‍ය සුනිල් ආරියරත්න … …

ගීතය අහල තියෙන කෙනෙකුටත් . . . කරුණාසේන ජයලත් මහතා විසින් රචිත "ලස්සන ඇස්" නවකතාව කියවල තියෙන කෙනෙකුටත් . . . . . . ඒ ගීතයෙත් . . . නවකතාවෙත් . . . සමහර කොටසුත් මගේ මේ කතාවෙත් යම්කිසි සමාන ගතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන් . . . ඇත්තෙන්ම මේ සිදුවීමෙන් සෑහෙන කාලෙකට පසු මම ඒ ගීතයත් . . . නවකතාවත් . . . රසවින්ඳට පසු මම දෑස් පියාගෙන අතීතෙට ඉගිලිලා ගොස් යලි යලිත් ඒ සුන්දර අතීතය මනසින් ස්පර්ශ කලා . . .

කිසිවෙක් මගෙන් අසුවොත් මා වැඩියෙන්ම ආදරේ කරන්නේ . . . පාසැලේ ගතකරපු අතීතයටද . . . දහම් පාසැලේ ගතකරපු අතීතයටද කියල . . . . වචන දෙකක් නෑ මම නම් කියන්නේ මා දහම් පාසැලේ ගතකරපු අතීතයට කියලා . . . එය එතරම්ම සොඳුරුයි . . . ආශ්වාදජනකයි . . . දැනටත් ඒ කාලය ගැන සිතන කොට . . . මොකද්දෝ කියාගන්න බැරි . . . කිතියක් වගේ හැඟීමකින් . . . හිත සිහිල් වෙනවා . . . හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ . . .



මේ තියෙන්නේ  දුකා ලියන "දුකා" බ්ලොගේ මේ ගීතය හා සබැදුන කතාව හැදින්වීම ..බලන්න ටිකක් කියවලා හිතට වදින්නනම් සම්පූර්නයෙන්ම කියවන්න මෙතනින්