Wednesday, May 15, 2019

නොරටුන් දෙන වස විස බොන පුතුණි මගේ - නන්දා මාලනී Noratun dena vasa visa


නොරටුන් දෙන වස විස බොන පුතුණි මගේ
නුඹයි පහන ගෙයි ඇවිලුනු දොලොස් මහේ 
වාවනු බෑ නොසලා උණු කදුලු ඇහේ 
නුඹේ මවගේ මේ ඔවදන් අසන් පුතේ

සුරාවිතක දුම් වැටියක බමන මතින් කල් මැරීම
පියවි ලොවේ පුවත් නොදැන සිහින ලොවේ සැරි සැරීම
බමන සිහින බිදුන මොහොත යලි කටු අකුලට වැටීම 
කියන් පුතුනි එයදැයි මට නුඹේ ගැටලු පසිදලීම 


සිහින ගිලන් හලෙන් පිටව සතුරු ලොවේ දල බිඳීම 
අප පෙලනා කටුක දුකට නිවැරදි පිලියම් සෙවීම
සොයුරු පෙමින් අත්වැල් බැඳ පත් විපතින් අත්මිදීම 
පුතුණි නුඹට බාරයි අද පිබිදෙන් හිරු මඬල සේම 

ගායනය : නන්ද මාලනී
පද: සුනිල් ආරියරත්න

Sunday, February 3, 2019

රතු රෝස පොකුරින් Rathu Rosa Pokurin

රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ

මීදුම් මඳහස මතකින් මතුවී
පාවී අවුදින් කඳු නිම්නේ
රෝස පියල්ලේ ඔබේ සිනිඳු රූ
සිතුවම් කරවා සමුගන්නේ

රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ

ඔබගෙ සියුමැලි දෝතින් ඉන්දූ
රෝස ගසේ මල් පිපුණු උදේ
රෝස මලක් ළඟ කඳුළු බිඳක් වී
මා තනිවූවා නොවෙද ළඳේ

රතු රෝස පොකුරින් වෑහුනා
පිණි බිඳක් වෑහුනා
මා දෑස රිදවන මිලින පෙම් කඳුළු සේ

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස