Saturday, October 14, 2017

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී



ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්
දිය ඇඳි ඉරි සේ මැකී ගියාදෝ
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග
මහ වන වදුලක සැඟව ගියාදෝ

දෑත් එකතු කොට මහවැලි ඉවුරේ
ගෙවූ සැඳෑවන් අමතක වීදෝ
තුරු සෙවනැලි යට නිසල නිහඬ වූ
දෑස් කතාවන් අමතක වීදෝ

යළිත් වතාවක් ඔබේ සිඟිත් රුව
නොදැකම සදහට නෙත් පියවේදෝ
සසර පුරා යන මේ දිගු ගමනේ
කවදා කෙලෙසක යළි හමු වේදෝ

ගායනය :මිල්ටන් මල්ලවාඅරච්චි
…පද රචනය :බන්ඩාර කේ විජෙතුංග …
සංගීතය :සරත් දසනායක

Wednesday, October 11, 2017

ඔබයි මමයි මැවූ සිහින - මිල්ටන් මල්ලවාඅරච්චි Obai Mamai - Milton Mallawarachchi

ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
අප හමු වන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
සුවඳ රුවද එකම පරිදි
රැගත් මල ඔබයි

ඔබයි මමයි මැවූ සිහින...

අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් දිනක තවත් ලොවක
ඔබෙ අත ගනිමි

ඔබයි මමයි මැවූ සිහින...




ගායනය :මිල්ටන් මල්ලවාඅරච්චි
…පද රචනය :බන්ඩාර කේ විජෙතුංග …
සංගීතය :වික්ටර් රත්නායක

වියෝවූ පසුවයි - සුනිල් එදිරිසිංහ

වියෝවූ පසුවයි දැනෙන්නේ....

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

ගී පද - බන්ධුල නානායක්කාරවසම්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

Sunday, October 8, 2017

මගේ සඳ ඇවිත් - වික්ටර් රත්නායක

මගේ සඳ ඇවිත්
කොඳ කැකුලු තරුද සතපා
රැයෙහි කොපුල් රහසින් සිඹ ...
හිරු දිලෙනා මද්දහනේ
මගේ සඳ ඇවිත්
මගේ සඳ ඇවිත්

වදුලු කොනක සිත සඟවා
…දියට බැස නෙලුම් සිඹිනා //
…බිඟු රැවටූ මා බලන්න
…මගේ සඳ ඇවිත්
…මගේ සඳ ඇවිත් ........

…දෙවමින් දිවයුරුට නිගා …
දේදුන්නක පෙම තවරා …//
මම රැවටූ මා බලන්න
…මගේ සඳ ඇවිත්
…මගේ සඳ ඇවිත්.....


ගී පද රචනය : චන්දන මනෝජ් විතාන
තනු නිර්මාණය / ගායනය : වික්ටර් රත්නායක