Sunday, October 18, 2020

මගෙ දෑසේ කඳුළු ටියුඩර් ජයශන්ත

මගෙ දෑසේ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ//
අද ඇත ඇය මට හිමි නැති මගුල් පෝරුවේ

මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුණා//
මිලින කළේ ඇයි මැණිකේ
පරම චේතනා පරම චේතනා

මගෙ දෑසේ කඳුළු..

නොඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන් සතූ//
මට දුන් දුක නොදෙනු මැනවි
ඔහුට මින් මතූ ඔහුට මින් මතූ

මගෙ දෑසේ කඳුළු තව දෑසක

ගායනය ටියුඩර් ජයශන්ත
පබැදූම හේමශ්‍රි ද අල්විස්
තනුව රංජිත් පෙරේරා

Friday, September 18, 2020

කරුණා සුවඳ තවරාලු - නිහාල් නෙල්සන් | Karuna Suwanda NIhal Nelson

 



කරුණා සුවඳ තවරාලු හද පියුමේ
ම‍වගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
කාටද මම අම්මේ... 

ලේ කිරි ‍කරලා මට පොවලා මා හැදු වැඩු අම්මේ
පුංචි කාලේ දන ගාගෙන යනකොට නැගිටින්නට අත දුන් අම්මේ
හොදින් නරක දේ වෙන් කරලා ‍ඔවදන් දුන් අම්මේ...
මතු සංසාරේදී ඔබේම පුතු ලෙස උපදින්නට පතනෙමි අම්මේ 
 

කරුණා සුවද .....
 

බඩගිනිවීලා හැඩු විටදි මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්වලා මට මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩ ගහලා පුතා කියු අම්මේ...
ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙම් අම්මේ.....
 

ගායනය තනුව හා පබැදුම නිහාල් නෙල්සන්
පබැදුම් සහාය වර්නන් පෙරේරා

Friday, April 10, 2020

හිතුමතේට දීග ගිය දුවේ - නන්දා මාලිනී Hithumatheta Deega Giya Duwe - Nanda Malani


හිතුමතේට දීග ගිය දුවේ
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ

ඇස් දෙක වන් පුංචි දුවේ
නුඹ නැති ගෙය ගෙයක් නොවේ
ගෙයි ඇවිලූ පහන නිවී
පපුවේ ගිනි පුළිඟු දැවේ

යෞවනයේ හීන ලොවේ
හීන සැබෑ ලොවෙහි නොවේ
නිදුකින් හිමි සඳ සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින්

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න. 
සංගීතය - නන්දා මාලිනී.

Thursday, April 9, 2020

ඔබ දැන් කීවත් - Oba Dan Keewath - Milton Mallawarachchi



ඔබ දැන් කීවත් කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙන් මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුළු සලා...

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා

ඔබ දැන් කීවත් කඳුළු සලා...


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - සරත් දසනායක

සරුංගලේ - නන්දා මාලනි Sarungale Nanda Malani