ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති
මර්වින්ඃ උකුලත නැළවෙන බිළිඳෙකු ලෙස තුරුලේ සිටිමී
මුලු ලොව මට ඇත ඔබ ලඟ සිට සුව යහනෙ නිදී
නීලාඃ මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි
දැක මම පිබිදෙමි පුරසඳ දුටු කොඳ කැකුලු මෙනි
මර්වින්ඃ මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී




