Wednesday, October 11, 2017

වියෝවූ පසුවයි - සුනිල් එදිරිසිංහ

වියෝවූ පසුවයි දැනෙන්නේ....

වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

ගී පද - බන්ධුල නානායක්කාරවසම්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

Sunday, October 8, 2017

මගේ සඳ ඇවිත් - වික්ටර් රත්නායක

මගේ සඳ ඇවිත්
කොඳ කැකුලු තරුද සතපා
රැයෙහි කොපුල් රහසින් සිඹ ...
හිරු දිලෙනා මද්දහනේ
මගේ සඳ ඇවිත්
මගේ සඳ ඇවිත්

වදුලු කොනක සිත සඟවා
…දියට බැස නෙලුම් සිඹිනා //
…බිඟු රැවටූ මා බලන්න
…මගේ සඳ ඇවිත්
…මගේ සඳ ඇවිත් ........

…දෙවමින් දිවයුරුට නිගා …
දේදුන්නක පෙම තවරා …//
මම රැවටූ මා බලන්න
…මගේ සඳ ඇවිත්
…මගේ සඳ ඇවිත්.....


ගී පද රචනය : චන්දන මනෝජ් විතාන
තනු නිර්මාණය / ගායනය : වික්ටර් රත්නායක

Tuesday, February 3, 2015

සුදු හාමිනේ - නන්දා මාලනී Sudu Hamine - Nanda Malini

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

ගායනය  - නන්දා මාලනී.
ගී පද  - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - නන්දා මාලිනී.


Saturday, July 12, 2014

Raja Maduraka ipadhee sitiyanam - රජ මැදුරක ඉපදී හිටියා නම්

රජ මැදුරක ඉපදී හිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන සිල්ලර රස කැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ


ඉඳහිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ

රජ මැදුරක ඉපදී හිටියා නම්

ගායනය :මාලනී බුලත්සිංහල
පද රචනය: ලූෂන් බුලත්සිංහල
තනුව :එච්. එම්. ජයවර්ධන


මෙතනින් බාගෙන අහන්න

Wednesday, July 31, 2013

Suwadathi Kusumaka By Neela & Mervin

නීලාඃ සුවඳැති කුසුමක සුසිනුදු පෙති මත සුවය වැනී
       ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති

මර්වින්ඃ උකුලත නැළවෙන බිළිඳෙකු ලෙස තුරුලේ සිටිමී
      මුලු ලොව මට ඇත ඔබ ලඟ සිට සුව යහනෙ නිදී

නීලාඃ   මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි
   දැක මම පිබිදෙමි පුරසඳ දුටු කොඳ කැකුලු මෙනි

මර්වින්ඃ   මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
   පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී

Monday, June 24, 2013

අකලට වට මහ වරුසාවක් සේ - Akalata wata maha

 









අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ


පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ


සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ


Tuesday, May 7, 2013

අඳුරු කුටිය තුල - Anduru Kutiya Thula

අඳුරු කුටිය තුල
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා
යදින යාතිකා
දෙවියන් හට නැසේ
දෙවියන් හට නැසේ

පොළොව කොටන තැන
පාර තනන තැන

ගිනියම් අව්වේ මහා වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ

බලන් කඩතුරා හැර දෑසේ //

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දුවිලි මඩ වැකි පිලි ගත පලදා
දෙවියන් රුව දක්නට හැක්කේ.....

කුසුම් සදුන් දුම් සුවදින් වැලකි
ගත නැගී දාදිය සුවදින් සරසි
දෙවියන් හා එක්විය හැක්කේ..
අඳුරු කුටිය තුල..//

ගායනය : ටී. එම්. ජයරත්න
සංගීතය : ප්‍රෙමසිරි කේමදාස
පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත