Saturday, January 26, 2013

හන්තානට පායන සඳ Hanthanata paayana sanda

 


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ...

මෙතනින් අහන්න 



… …

ගායනය : අමරසිරි පීරිස්
…පද රචනය :ධම්මික බන්ඩාර
…සංගීතය :ඩැනිස්ටර් පෙරෙරා

Wednesday, January 16, 2013

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා


ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා//

ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා...

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුළඟේ මිලින වුණාවේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - බණ්ඩාර විජේතුංග
සංගීතය - සරත් දසනායක

Tuesday, November 20, 2012

මාගේ අතීත දිවියේ - Mage ateetha diviye - Milton Mallawarachchi



මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරී ඔබේ සිනාවේ
කොහේදෝ මුළාවී

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක්‌ වාගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස්‌ වුනේ මහදේ
වේදනා මවා

අපගේ පැතුම් විමාණෙ
වෙන්වීලා එක්‌වුණේ
භවයෙන් භවේ පැතූ අපගේ
ආදරේ නිසා
කාලය ළඟා වුණේ ආයේ
වේදනා නිවා


මාගේ අතීත දිවියේ  ....

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - සනත් ගුණතිලක 

ගීතනු - ග්‍රේෂන් ආනන්ද   

Wednesday, October 31, 2012

හුරතලේට කවි කියමින් - Hurathaleata kavi kiyamin - Victor Rathnayaka

හුරතලේට කවි කියමින්
එහෙ මෙහෙ ගිය මං …
බාල බොළද බස් දොඩමින්
කැලේ පැන්න මං…
බාල වියෙන් පිටමන් වී
යොවුන් වියට පිය මැන්නේ …
…පිය ළඳුනෙ
නුඹ නිසාය …//

කැදලි පුරා කුරුලු පුරේ
ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු
තුරුවැල් පෙම් කෙලිනු දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය

හුරතලේට කවි කියමින් ...... …

උනුන් හඹා දුවන පනින
සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන
ආදරවන්තයින් දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය

හුරතලේට කවි කියමින් ...... …


ගායනය හා සංගීතය :වික්ටර් රත්නායක
පද රචනය :මහාචාර්‍ය සුනිල් ආරියරත්න … …

ගීතය අහල තියෙන කෙනෙකුටත් . . . කරුණාසේන ජයලත් මහතා විසින් රචිත "ලස්සන ඇස්" නවකතාව කියවල තියෙන කෙනෙකුටත් . . . . . . ඒ ගීතයෙත් . . . නවකතාවෙත් . . . සමහර කොටසුත් මගේ මේ කතාවෙත් යම්කිසි සමාන ගතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන් . . . ඇත්තෙන්ම මේ සිදුවීමෙන් සෑහෙන කාලෙකට පසු මම ඒ ගීතයත් . . . නවකතාවත් . . . රසවින්ඳට පසු මම දෑස් පියාගෙන අතීතෙට ඉගිලිලා ගොස් යලි යලිත් ඒ සුන්දර අතීතය මනසින් ස්පර්ශ කලා . . .

කිසිවෙක් මගෙන් අසුවොත් මා වැඩියෙන්ම ආදරේ කරන්නේ . . . පාසැලේ ගතකරපු අතීතයටද . . . දහම් පාසැලේ ගතකරපු අතීතයටද කියල . . . . වචන දෙකක් නෑ මම නම් කියන්නේ මා දහම් පාසැලේ ගතකරපු අතීතයට කියලා . . . එය එතරම්ම සොඳුරුයි . . . ආශ්වාදජනකයි . . . දැනටත් ඒ කාලය ගැන සිතන කොට . . . මොකද්දෝ කියාගන්න බැරි . . . කිතියක් වගේ හැඟීමකින් . . . හිත සිහිල් වෙනවා . . . හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ . . .



මේ තියෙන්නේ  දුකා ලියන "දුකා" බ්ලොගේ මේ ගීතය හා සබැදුන කතාව හැදින්වීම ..බලන්න ටිකක් කියවලා හිතට වදින්නනම් සම්පූර්නයෙන්ම කියවන්න මෙතනින්

Saturday, August 11, 2012

පිදූ සෙනේ - Piduu Sene Milton Mallawarachchi

පිදූසෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
…මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
…මැවූ සිනහා ඔබෙ මුවඟේ සදා රැඳී ඇත මහදේ
…අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා …
ජීවිතයේ වසන්තයෙ පහන නිවී ගියා
…
…හමුවී අතිනත පටලා කී සමනල කතා
…ආදරයේ රන් සිහිනේ මල් මත ලියවුනා
…එදා පැතුම් ඔබ නැතිදා සුළඟේ විසිරුනා
…පිදූසෙනේ ඔබ පෙරදා.........
…
…සිහිවේ යලි යලි ඔබේ රුව මායා සිහිනයේ
…හද කඳුලේ අපේ ලොවයි බොඳවීලා ගියේ …
ඔබ හා චිතකේ දැවුනා අද මගේ ජීවිතේ…
…පිදූසෙනේ ඔබ පෙරදා.........
…
…
…ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
පද රච්නය: සුභාශිනී ජයමහ
සංගීතය : ක්ලැරන්ස් විජේවර්දන 

  … මේ ගීතය මෙතනින් අහන්න 

Monday, August 6, 2012

සැදී රන් අබරණින් - මිල්ටන් මල්ලවාඅරච්චි - Sadee ran abaranin

සැදී රන් අබරණින් - …රිදී සළුපිලි දරා
නැගී රිය පෙරහරින් - පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි - මගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්
යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්
නොයෙන බව යලි දනිම්

සැදී රන් අබරණින්...............

ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විඳින්නම්
සසර මතු බවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්
සුරත ඔබෙ පතන්නම්

සැදී රන් අබරණින්................


ගායනය : මිල්ටන් මල්ලවඅරච්චි


…පද රචනය : කුලරත්න ආරියවංශ …


…සංගීතය : ක්ලැරන්ස් විජේවර්දන …

පින්තුරය: ආතම්මගෙ පෙට්ටගමේ "යන්න මට අවසරයි කවි පංතියෙන්"



මේතනින් අහන්න … …

Sunday, August 5, 2012

මා එක්කලා අමනාපව Maa Ekkala Amanapawa

මා එක්කලා  අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ  ගෙදර


වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුන කොල සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙනතුරා ඉමු මිදුලට වීලා

හඳ මාමා නැගෙනතුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පනිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමු

මා එක්කලා  අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ  ගෙදර



…ගායනය :…මාලනී බුලත්සිංහල …
ගී පද :ප්‍රේමකීර්ති ද අල්විස්
…තනුව :…එච් එම් ජයවර්ධන


 …මෙතනින් අහන්න …
…