Tuesday, September 13, 2011

වැස්සකට ඉඩ ඇතත් Wessakata ida Athath By Nanda Malani

වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමන කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී
හඬන්නට මිසකවෙන කුමකටද නෙතු අපට
 
පුංචි කුහුඹූවන්ටත් තියේ උන් හෙවනැල්ල
බිඳීගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන
 
සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද   
 
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන
 
නන්දා මාලනී