පිදූසෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
මැවූ සිනහා ඔබෙ මුවඟේ සදා රැඳී ඇත මහදේ
අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා
ජීවිතයේ වසන්තයෙ පහන නිවී ගියා
හමුවී අතිනත පටලා කී සමනල කතා
ආදරයේ රන් සිහිනේ මල් මත ලියවුනා
එදා පැතුම් ඔබ නැතිදා සුළඟේ විසිරුනා
පිදූසෙනේ ඔබ පෙරදා.........
සිහිවේ යලි යලි ඔබේ රුව මායා සිහිනයේ
හද කඳුලේ අපේ ලොවයි බොඳවීලා ගියේ
ඔබ හා චිතකේ දැවුනා අද මගේ ජීවිතේ
පිදූසෙනේ ඔබ පෙරදා.........
ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
පද රච්නය: සුභාශිනී ජයමහ
සංගීතය : ක්ලැරන්ස් විජේවර්දන
මේ ගීතය මෙතනින් අහන්න
Saturday, August 11, 2012
Monday, August 6, 2012
සැදී රන් අබරණින් - මිල්ටන් මල්ලවාඅරච්චි - Sadee ran abaranin
සැදී රන් අබරණින් -
රිදී සළුපිලි දරා
නැගී රිය පෙරහරින් - පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි - මගේ දිවි ඇති තුරා
අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්
යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්
නොයෙන බව යලි දනිම්
සැදී රන් අබරණින්...............
ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විඳින්නම්
සසර මතු බවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්
සුරත ඔබෙ පතන්නම්
සැදී රන් අබරණින්................
ගායනය : මිල්ටන් මල්ලවඅරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ක්ලැරන්ස් විජේවර්දන
පින්තුරය: ආතම්මගෙ පෙට්ටගමේ "යන්න මට අවසරයි කවි පංතියෙන්"
මේතනින් අහන්න
නැගී රිය පෙරහරින් - පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි - මගේ දිවි ඇති තුරා
අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්
යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්
නොයෙන බව යලි දනිම්
සැදී රන් අබරණින්...............
ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විඳින්නම්
සසර මතු බවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්
සුරත ඔබෙ පතන්නම්
සැදී රන් අබරණින්................
ගායනය : මිල්ටන් මල්ලවඅරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ක්ලැරන්ස් විජේවර්දන
පින්තුරය: ආතම්මගෙ පෙට්ටගමේ "යන්න මට අවසරයි කවි පංතියෙන්"
මේතනින් අහන්න
Sunday, August 5, 2012
මා එක්කලා අමනාපව Maa Ekkala Amanapawa
මා එක්කලා අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ ගෙදර
වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුන කොල සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙනතුරා ඉමු මිදුලට වීලා
හඳ මාමා නැගෙනතුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පනිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමු
මා එක්කලා අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ ගෙදර
ගායනය : මාලනී බුලත්සිංහල
ගී පද :ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එච් එම් ජයවර්ධන
මෙතනින් අහන්න
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ ගෙදර
වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුන කොල සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙනතුරා ඉමු මිදුලට වීලා
හඳ මාමා නැගෙනතුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පනිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමු
මා එක්කලා අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ ගෙදර
ගායනය : මාලනී බුලත්සිංහල
ගී පද :ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එච් එම් ජයවර්ධන
මෙතනින් අහන්න
Subscribe to:
Posts (Atom)