Thursday, March 28, 2013

ගතින් ඉන්නට චන්ද්‍රලේඛා පෙරෙරා Chandraleka - Gathin innata

 
 
 
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ
සිතා ගන්නට බෑ...

ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ලයි
ඔබේ සෙවනැල්ලයි.

ගතින් ඉන්නට..

ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි
ඔබේ හසරැල්ලයි...

ගතින් ඉන්නට..

ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
 
…මේතනින් අහන්න … …

Saturday, March 23, 2013

ඔබ දැන් කීවත් Oba Den Keewath By Milton Mallawaracahai













ඔබ දැන් කීවත් කඳුලු සලා
මට ආදරෙයි කියා
සිත ගිය තැනකට තුරුලු වෙලා
මැණිකේ නොවේනු මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන
යන්නද කතාකලේ
දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුලු සලා.......

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළ‍‍ඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපෙනවා
… …
ඔබ දැන් කීවත් කඳුලු සලා.......


පද රචනය : චිත්‍රානන්ද අබෙසේකර
…ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
සංගීතය : සරත් දසනායක …
 … ------------------------------------------------------------
OBA_DAN_KEWATH_laksongs.blogspot.com.Mp3 (2 MB),
Oba dan Keewath By Milton Mallawaracahai


You can use the following link to retrieve this song