Monday, August 29, 2011

ඉටි පහනක් දෝ මා- නන්දා මාලනී Iti Pahanak do maa By Nanda Malani

සුළඟට සැලෙනා...
සුළඟට සැලෙනා...
 
පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 

මා වට මඳ එළියේ පළඟැටි සේනා සැණකෙළියේ...
මිහිර බි‍‍ඳේදෝ සිරුර සිඳේදෝ..
මා කෙළෙසී යාදෝ...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 

මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තරග වැදී...
හදවත කළඹා ගත සිත පොළඹා...
නිසසළ දැහැන බිදී...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 
කළුවර පළස ඉරා මා වත දුබලව දැවෙන තුරා...
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නො...
පණ නල ගනිති සොරා
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 

ගායනය නන්දා මාලනී
ඉටිපහන් ටෙලි නාට්‍යයෙන්
 
මෙතනින් බාගන්න  http://www.mediafire.com/?pwwvo49rpocy5ld

ඇගේය ඔබ දැන් ඇගේය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් Ageya Oba Dan Deepika Priyadarshani Pieris

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය
 
ඔබ මට ජල ධාරාවක් වගේය
සීතල ජල ධාරාවක් වගේය
ඒ ජල ධාරාවම දැන් ඇගේය...
එනමුත් ජලයේ සිසිලස මගේය...
ජලයේ සිසිලස මගේය...
 
ඇගේය ඔබ දැන්..
 
ඔබ මට මිණි වීණාවක් වගේය
කොකණද මිණි වීණාවක් වගේය
ඒ මිණි වීණාවම දැන් ඇගේය...
එනමුත් වීණා නාදය මගේය...
වීණා නාදය මගේය...
 
ඇගේය ඔබ දැන්..
 
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
 
මෙතනින් බාගන්න http://www.mediafire.com/?z7md3li1cdr6jv8

ප්‍රේමය නම් Nanda Malani

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්යයි
පාරිශුද්ධයි සුරම්‍යයි
 
ප්‍රභාමත් වූ වත මඬළ ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි
 
දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය..
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි
 

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - එච්. එම්. ජයවර්ධන.
 
Download this Song

Monday, August 1, 2011

chooi mage duva chooti - Amara Ranathunga

චූටී - හ්ම්
චූටී - හ්ම්
මගෙ දුව චූටී
ඔන්න අම්මා යන්න හදන්නේ
චූටි විහිලුවක් කරලා චූටි තොත්තුවක් දීලා //
අම්මට දුව යන්න කියන්න
බලන්න ඔය චූටි මූන හැන්දැනොවී එන්න කියන්න
අම්මට දුව යන්න කියන්න

චූටි කාලෙ මටත් චූටි කියුවා මගේ අම්මා
ඒකියන්නෙ චූටිගෙ ලොකු අම්මා
හබුන් කවන වෙලාවේදි විහර මහ දේවිය ගැන කියලා දේවී
මිරිස් සැරඉ කියලා එහෙම අහක බලා ගත්තොතින්
ලොකු අම්මා ඒ කතාව කියලා නොදේවී

චූටී මගෙ දුව චූටී...

හැන්දැඇවට මම ආවම චූටි එක්ක මිදුලේ
මල් පඳුරේ මම හැන්ගිලා ඉන්නම්
කුරුල්ලො එන වෙලාවේදි
අද හවසත් අර පොඩි චූටික්කා ඒවී
ඒ ආවම මම හැංගිලා චූටීට සෙල්ලම් කරන්න
චූටික්කව චූටිට මම අල්ලලා දෙන්නම්

චූටී මගෙ දුව චූටී...

ගායනය අමරා රණතුංග



Download This Song