Tuesday, November 20, 2012

මාගේ අතීත දිවියේ - Mage ateetha diviye - Milton Mallawarachchi



මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරී ඔබේ සිනාවේ
කොහේදෝ මුළාවී

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක්‌ වාගේ
අප්සරාවියේ
ඇයිදෝ වෙනස්‌ වුනේ මහදේ
වේදනා මවා

අපගේ පැතුම් විමාණෙ
වෙන්වීලා එක්‌වුණේ
භවයෙන් භවේ පැතූ අපගේ
ආදරේ නිසා
කාලය ළඟා වුණේ ආයේ
වේදනා නිවා


මාගේ අතීත දිවියේ  ....

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - සනත් ගුණතිලක 

ගීතනු - ග්‍රේෂන් ආනන්ද   

Wednesday, October 31, 2012

හුරතලේට කවි කියමින් - Hurathaleata kavi kiyamin - Victor Rathnayaka

හුරතලේට කවි කියමින්
එහෙ මෙහෙ ගිය මං …
බාල බොළද බස් දොඩමින්
කැලේ පැන්න මං…
බාල වියෙන් පිටමන් වී
යොවුන් වියට පිය මැන්නේ …
…පිය ළඳුනෙ
නුඹ නිසාය …//

කැදලි පුරා කුරුලු පුරේ
ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු
තුරුවැල් පෙම් කෙලිනු දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය

හුරතලේට කවි කියමින් ...... …

උනුන් හඹා දුවන පනින
සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන
ආදරවන්තයින් දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය

හුරතලේට කවි කියමින් ...... …


ගායනය හා සංගීතය :වික්ටර් රත්නායක
පද රචනය :මහාචාර්‍ය සුනිල් ආරියරත්න … …

ගීතය අහල තියෙන කෙනෙකුටත් . . . කරුණාසේන ජයලත් මහතා විසින් රචිත "ලස්සන ඇස්" නවකතාව කියවල තියෙන කෙනෙකුටත් . . . . . . ඒ ගීතයෙත් . . . නවකතාවෙත් . . . සමහර කොටසුත් මගේ මේ කතාවෙත් යම්කිසි සමාන ගතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන් . . . ඇත්තෙන්ම මේ සිදුවීමෙන් සෑහෙන කාලෙකට පසු මම ඒ ගීතයත් . . . නවකතාවත් . . . රසවින්ඳට පසු මම දෑස් පියාගෙන අතීතෙට ඉගිලිලා ගොස් යලි යලිත් ඒ සුන්දර අතීතය මනසින් ස්පර්ශ කලා . . .

කිසිවෙක් මගෙන් අසුවොත් මා වැඩියෙන්ම ආදරේ කරන්නේ . . . පාසැලේ ගතකරපු අතීතයටද . . . දහම් පාසැලේ ගතකරපු අතීතයටද කියල . . . . වචන දෙකක් නෑ මම නම් කියන්නේ මා දහම් පාසැලේ ගතකරපු අතීතයට කියලා . . . එය එතරම්ම සොඳුරුයි . . . ආශ්වාදජනකයි . . . දැනටත් ඒ කාලය ගැන සිතන කොට . . . මොකද්දෝ කියාගන්න බැරි . . . කිතියක් වගේ හැඟීමකින් . . . හිත සිහිල් වෙනවා . . . හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ . . .



මේ තියෙන්නේ  දුකා ලියන "දුකා" බ්ලොගේ මේ ගීතය හා සබැදුන කතාව හැදින්වීම ..බලන්න ටිකක් කියවලා හිතට වදින්නනම් සම්පූර්නයෙන්ම කියවන්න මෙතනින්

Saturday, August 11, 2012

පිදූ සෙනේ - Piduu Sene Milton Mallawarachchi

පිදූසෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
…මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
…මැවූ සිනහා ඔබෙ මුවඟේ සදා රැඳී ඇත මහදේ
…අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා …
ජීවිතයේ වසන්තයෙ පහන නිවී ගියා

…හමුවී අතිනත පටලා කී සමනල කතා
…ආදරයේ රන් සිහිනේ මල් මත ලියවුනා
…එදා පැතුම් ඔබ නැතිදා සුළඟේ විසිරුනා
…පිදූසෙනේ ඔබ පෙරදා.........

…සිහිවේ යලි යලි ඔබේ රුව මායා සිහිනයේ
…හද කඳුලේ අපේ ලොවයි බොඳවීලා ගියේ …
ඔබ හා චිතකේ දැවුනා අද මගේ ජීවිතේ…
…පිදූසෙනේ ඔබ පෙරදා.........


…ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
පද රච්නය: සුභාශිනී ජයමහ
සංගීතය : ක්ලැරන්ස් විජේවර්දන 

  … මේ ගීතය මෙතනින් අහන්න 

Monday, August 6, 2012

සැදී රන් අබරණින් - මිල්ටන් මල්ලවාඅරච්චි - Sadee ran abaranin

සැදී රන් අබරණින් - …රිදී සළුපිලි දරා
නැගී රිය පෙරහරින් - පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ - ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි - මගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ - අහිමි වන බව දනිම්
යලිදු අප දිවි තුරා - නොයෙන බව යලි දනිම්
නොයෙන බව යලි දනිම්

සැදී රන් අබරණින්...............

ඔබෙන් ලද සෙනෙහසේ - සුවය නිති විඳින්නම්
සසර මතු බවෙක හෝ - සුරත ඔබෙ පතන්නම්
සුරත ඔබෙ පතන්නම්

සැදී රන් අබරණින්................


ගායනය : මිල්ටන් මල්ලවඅරච්චි


පද රචනය : කුලරත්න ආරියවංශ


…සංගීතය : ක්ලැරන්ස් විජේවර්දන

පින්තුරය: ආතම්මගෙ පෙට්ටගමේ "යන්න මට අවසරයි කවි පංතියෙන්"



මේතනින් අහන්න … …

Sunday, August 5, 2012

මා එක්කලා අමනාපව Maa Ekkala Amanapawa

මා එක්කලා  අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ  ගෙදර


වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුන කොල සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙනතුරා ඉමු මිදුලට වීලා

හඳ මාමා නැගෙනතුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පනිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමු

මා එක්කලා  අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ  ගෙදර



ගායනය :…මාලනී බුලත්සිංහල
ගී පද :ප්‍රේමකීර්ති ද අල්විස්
…තනුව :…එච් එම් ජයවර්ධන


 …මෙතනින් අහන්න

Sunday, July 29, 2012

Duwe Harshani දුවේ හර්ශනී Milton Mallawaracahai

ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි …
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය :


හිමින් සැරේ පා නගනා …
දුවේ හර්ශනී
සිනාසිසී දඟ කරනා
දුවේ හර්ශනී ...දුවේ හර්ශනී

ජීවිතයේ මාළිගාව
සතුට පුරා දීමනාව
වාසනාව මට ගෙනාව
කැකුලු සුවඳ මල් හිනාව
මල් සුවඳයි
පින් සුවඳයි..

Friday, July 27, 2012

සමාස තද්ධිත Samasa Thadditha වික්ටර් රත්නායක - සුජාතා අත්තනායක

ගායනය :වික්ටර් රත්නායක, …සුජාතා අත්තනායක
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක

සමාස තද්ධිත 
ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි 
විභක්ති ක්‍රියා පද

වින්ධ්‍යා කඳුවැටි 
භූමි විෂමතා
දාසෙන් මහසෙන් 
ගැමුණු විජයබා


Tuesday, July 3, 2012

ආදරණීය නේරංජනා - ප්‍රියා සූර්යසෙන Priya Sooriyasena

ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
වෙලී බැඳුන දින රඟ ශාලාවේ
තුන් සිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක පමණකි තනිවූයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවූයේ

කවුදෝ මා පසුපස එනු දැනුණා
පාලු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුණා

නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු ඇසුණා
එනමුදු කෙළෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා

පද රචනය : ප්‍රෙමකීර්ති ද අල්විස්
…සංගීතය : …
ගායනය : ප්‍රියා සූර්යසේන

මෙතනින් අහන්න

කුමරියක පා සළඔ සැලුනා - ඩබ්.ඩී. අමරදේව Amaradewa

කුමරියක පා සළඔ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඔසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බිඳුනා

උකුල ළැම හස මලවි කරළිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවෙන තුසිතය
සුරන් නැලවු සුයාමය

නිසල ජීවන තපෝ වන මැද
හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
මා හඩවයි බිදුනු තුසිතය
සුරන් නැලවු සුයාමය

ගී පද : කේ. ඩී. කේ  ධර්මවර්ධන 
සංගීතය : වික්ටර්  රත්නායක
ගායනය : ඩබ්.ඩී. අමරදේව

Monday, July 2, 2012

පුංචි දවස්වල Punchi Dawaswala By Sujatha Attanayaka


පුංචි දවස්වල නින්දට යද්දී
පීතු පාදං නමා මහං කියලා
වැන්ද දෙපා යලි අදත් වඳින්නම්
මංගල ගමනට යන්න අවසරයි පියානණී

මල් බෝනික්කන්
පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි
අද තනි වෙනවා
පියානනෙ ඔබෙ ආසිරි විඳ විඳ
ඉරනම් ගමනක්
යන්නට යනවා  

පියානනී ඔබෙ පුංචි කුමාරිය
පුංචි මනාලිය
වී යන දවසෙ
එපා හඬන්නට එපා හඬන්නට
පුංචි මුනුබුරෙක් කැන්දම් එන්නම්
මා හෙට දවසේ


ගායනය :සුජාතා අත්තනායක
සංගීතය :සරත් දසනායක
ගීපද : අජන්තා රණසිංහ





… … … … …------------------ … …------------------

Sunday, July 1, 2012

ඔබ වෙනුවෙන් - මිල්ටන් මල්ලවාරච්චි Oba Wenuven

ඔබ වෙනුවෙන් මා
ගැයු ගී පෙරදා
යලි ඔබ සවනේ
නොරැඳී නොගැටී
සුළඟෙ මිලින උනාවේ..

දවනු දැනේ
සිසි කිරණ පවා
සිසිල නොදේ
මද පවන පවා
ඔබ මුව පියුමේ
තොල්පෙති අතරේ
ඔහුගේ නම රැඳුනවේ....

ඔබ වෙනුවෙන් මා .........

සුවඳ දැනේ
ඔබේ උදයෙ හවා
කඳුලු නැගේ නෙත
රැයද දිවා
ඔබ මුව පියුමේ
තොල්පෙති අතරේ
ඔහුගේ නම රැඳුනවේ....

ඔබ වෙනුවෙන් මා ..........



…ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
…පද රචනය : කේ. ඩී. කේ ධර්මවර්ධන
…සංගීතය : සරත් දසනායක

මෙතනින් අහන්න

Tuesday, June 26, 2012

කඳු පාර ඈත අයිනේ - මිල්ටන් මල්ලවාඅරච්චි Kandu paara atha

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා


යාළු වී දෙවටේ එදා
කී කතා අසා 

පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

 

ගං ඉමේ 

මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
 
වෙන් වෙලා ගියා...


කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා




ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
…සංගීතය : …
ගී පද : උපාලි ධනවලවිතාන … …

Saturday, June 23, 2012

දෙනෝ දාහක් නුවන් අතරේ -Dheno Daahak Nuwan Athare.. By Nanda Malani



Dheno Daahak Nuwan Athare.. By Nanda Malani
 

දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ...
තනි කළේ...
පාසැල් බිමේ

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු  පාසැල් පියස
කඳුලින් බොඳවෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා


නිබඳ ඔබ මා ඇවිද ගියතැන්
සෙවන දුන් ගහ කොළ පුරා
බිමට බරවුනු කැකුලු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා

දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ...
තනි කළේ...
පාසැල් බිමේ

ගායනය : නන්දා මලනී
ගී පද : කුලරත්න ආරියවංශ
සංගීතය : වික්ටර් රත්නායක
චිත්‍රපටිය : වජිරා

Monday, June 18, 2012

මගෙ දුවේ නුඹ අවදියෙන්- කරුනාරත්න දිවුලගනේ Duve Nuba Avadhiyen

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්

මේ රැයේ මිහිරිම වෙලාවයි . . .

දොර ඇරන් එළියට ආවොතින්

මේ මිහිරි දේවල් නුඹටමයි . . .

 

සේපාලිකා මල් බිමට බැහැලා

ඇවිදින්න යන වෙලාවයි . . .

නිල් තරකා බිම බලාගෙන

වැව් දියට පැම් බැදි වෙලාවයි . . . 

මේ පොළොව කෙතරම් සුන්දරද

මගෙ දුවත් තනියෙන් හිනාවෙයි . . .

 

ඝන කළුවරට අප පෙම් කලොත්

ඉර හද තරුවලට අප ණය ගැතියි . . .

ලොව දුන්නු දේවල් අද අපිට

හෙට ලොවට පෙරලා දිය යුතුයි . . .

ඔබ මේ ලොවට ආදරෙයි නම්

මුළු ලොවම ඔබටත් ආදරෙයි . . . 

 

ගායනය : කරුනාරත්න දිවුලගනේ 
ගේයපද : රත්න ශ්‍රී විජෙසිංහ
තනුව    : රෝහන වීරසිංහ

Sunday, June 10, 2012

කල් බලා පිපුනා - සුනිල් එදිරිසිංහ සංඛනි එදිරිසිංහ - Kal Balaa Pipunaa

කල් බලා පිපුනා
පුංචිතරුවක් සඳ ළඟින් අහසේ
ඒ තරකා මල සඳක් වී 
ඔබේ දෑසේ
රැඳේ අද දවසේ..රැඳේ අද දවසේ …

…ඉගිලිලා සමනල් හැඟුම්
…අරුණ ගෙන එයි නව පැතුම්
අවදි වී නොපියු නෙතින්
සෙනෙහසේ මාවත සොයන්

මල් සිනාවැට පීදිලා
රොන් පිරී සුපහන් පෙලා
තුන් සිතින් හිනහී බලන්
මං ඔබේ ලොව රජ වෙලා … …


කල් බලා පිපුනා
පුංචිතරුවක් සඳ ළඟින් අහසේ
ඒ තරකා මල සඳක් වී 
ඔබේ දෑසේ
රැඳේ අද දවසේ..රැඳේ අද දවසේ …


…සිව්දිසා කිලි සෝදමින්
ඇයි ගලා නොපහන් දසුන්
නෑසුනා නොදුටු වෙසින්
මුදු සරින් කව් ගී ගයන්

ඔබ නෙතේ ආලෝකයෙන්
දිනූ ලොව විමසා බලන්
ගෙවා ආමග ඔබ රැඳී
මහා නුග තුර සේ හිඳී ..

කල් බලා පිපුනා
පුංචිතරුවක් සඳ ළඟින් අහසේ
ඒ තරකා මල සඳක් වී 
ඔබේ දෑසේ
රැඳේ අද දවසේ..රැඳේ අද දවසේ …



……ගේයපද : කුමාරදාස සපුතන්ත්‍රි
…සංගීතය :රෝහන වීරසිංහ
…ගායනය : සුනිල් එදිරිසිංහ සමග සංඛනී එදිරිසිංහ … …

Tuesday, April 10, 2012

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි - සුනිල් එදිරිසිංහ [ Duve nuba mage Praanayayi ]

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
…සැබෑවූ සුබ සිහිනයයි
සෙනෙහසින් කුළගෙට පියනගන්නෙ
සනුහරේ අභිමානයයි


මම මලක් ලෙස නුබ නොහැදුවෙ
පෙති තැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනහෙන හැටි ලොවේ
නුබ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදේ ..
කල හොඳම විතරක් ඉතිරි වේ ......

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...... …

අප මීමුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුලු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ගෞරවය මගෙ දුවතමා
නුබ යන්නෙ හිස් දෑතින් නෙමයි
ගෙනියන්නෙ ඒ අභිමානයයි ...

පද රචනය : බණ්ඩර ඇහැළියගොඩ …
තනුව : රොහන වීරසිංහ
…ගායනය : සුනිල් එදිරිසිංහ … ……

Wednesday, March 21, 2012

Duwak hitiyaanam Neelaa Wickramasinghe ( දුවක් හිටියානම් - නීලා වික්‍රමසිංහ )


දුවක් සිටියානම්
…කරල් දෙකකට කොන්ඩෙ ගොතලා
…මලක් ගහලා අතින් අල්ලන් ඇවිදින්න තිබුනා
දුවක් සිටියානම්

…යද්දි මගතොට දකින හැමදේ
නොවෙ හරි දෙ මම කියා දෙන්නම්
කටු ඇනෙන්නට ගල් ඇනෙන්නට
මහපොළවට පයගහන්නට
මම කියා දෙන්නම්
දුවක් සිටියානම්....

ලැබී නින්දා ජය ප්‍රසංශා
කඳුල සිනහව මම කියා දෙන්නම්
හුවාදීනෙක මුදුමොලොක් හිත
මලක් වාගෙ ඇහක් වාගෙ රැකබලාගන්නම්

දුවක් සිටියානම්...