Saturday, January 26, 2013

හන්තානට පායන සඳ Hanthanata paayana sanda

 


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ...

මෙතනින් අහන්න 




ගායනය : අමරසිරි පීරිස්
…පද රචනය :ධම්මික බන්ඩාර
…සංගීතය :ඩැනිස්ටර් පෙරෙරා

Wednesday, January 16, 2013

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා


ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා//

ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා...

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුළඟේ මිලින වුණාවේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - බණ්ඩාර විජේතුංග
සංගීතය - සරත් දසනායක