Wednesday, July 31, 2013

Suwadathi Kusumaka By Neela & Mervin

නීලාඃ සුවඳැති කුසුමක සුසිනුදු පෙති මත සුවය වැනී
       ඔබෙ හද තුල මට සිහිලස සැනසුම ඇතිය නිති

මර්වින්ඃ උකුලත නැළවෙන බිළිඳෙකු ලෙස තුරුලේ සිටිමී
      මුලු ලොව මට ඇත ඔබ ලඟ සිට සුව යහනෙ නිදී

නීලාඃ   මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලි
   දැක මම පිබිදෙමි පුරසඳ දුටු කොඳ කැකුලු මෙනි

මර්වින්ඃ   මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
   පන නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී

Monday, June 24, 2013

අකලට වට මහ වරුසාවක් සේ - Akalata wata maha

 









අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ


පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ


සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ


Tuesday, May 7, 2013

අඳුරු කුටිය තුල - Anduru Kutiya Thula

අඳුරු කුටිය තුල
දොරගුළු ලාගෙන
ගයන ගීතිකා
යදින යාතිකා
දෙවියන් හට නැසේ
දෙවියන් හට නැසේ

පොළොව කොටන තැන
පාර තනන තැන

ගිනියම් අව්වේ මහා වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ

බලන් කඩතුරා හැර දෑසේ //

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දුවිලි මඩ වැකි පිලි ගත පලදා
දෙවියන් රුව දක්නට හැක්කේ.....

කුසුම් සදුන් දුම් සුවදින් වැලකි
ගත නැගී දාදිය සුවදින් සරසි
දෙවියන් හා එක්විය හැක්කේ..
අඳුරු කුටිය තුල..//

ගායනය : ටී. එම්. ජයරත්න
සංගීතය : ප්‍රෙමසිරි කේමදාස
පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත


Thursday, March 28, 2013

ගතින් ඉන්නට චන්ද්‍රලේඛා පෙරෙරා Chandraleka - Gathin innata

 
 
 
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ
සිතා ගන්නට බෑ...

ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ලයි
ඔබේ සෙවනැල්ලයි.

ගතින් ඉන්නට..

ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි
ඔබේ හසරැල්ලයි...

ගතින් ඉන්නට..

ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
 
…මේතනින් අහන්න … …

Saturday, March 23, 2013

ඔබ දැන් කීවත් Oba Den Keewath By Milton Mallawaracahai













ඔබ දැන් කීවත් කඳුලු සලා
මට ආදරෙයි කියා
සිත ගිය තැනකට තුරුලු වෙලා
මැණිකේ නොවේනු මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳ ගෙන
යන්නද කතාකලේ
දෙදෙනකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුලු සලා.......

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළ‍‍ඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපෙනවා
… …
ඔබ දැන් කීවත් කඳුලු සලා.......


පද රචනය : චිත්‍රානන්ද අබෙසේකර
…ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
සංගීතය : සරත් දසනායක …
 … ------------------------------------------------------------
OBA_DAN_KEWATH_laksongs.blogspot.com.Mp3 (2 MB),
Oba dan Keewath By Milton Mallawaracahai


You can use the following link to retrieve this song

Saturday, January 26, 2013

හන්තානට පායන සඳ Hanthanata paayana sanda

 


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ...

මෙතනින් අහන්න 




ගායනය : අමරසිරි පීරිස්
…පද රචනය :ධම්මික බන්ඩාර
…සංගීතය :ඩැනිස්ටර් පෙරෙරා

Wednesday, January 16, 2013

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා


ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා//

ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා...

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැගේ නෙත රැයද දිවා//
ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුළඟේ මිලින වුණාවේ


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - බණ්ඩාර විජේතුංග
සංගීතය - සරත් දසනායක