Tuesday, June 26, 2012

කඳු පාර ඈත අයිනේ - මිල්ටන් මල්ලවාඅරච්චි Kandu paara atha

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා


යාළු වී දෙවටේ එදා
කී කතා අසා 

පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා

කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

 

ගං ඉමේ 

මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
 
වෙන් වෙලා ගියා...


කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා




ගායනය : මිල්ටන් මල්ලවාඅරච්චි
…සංගීතය : …
ගී පද : උපාලි ධනවලවිතාන … …

Saturday, June 23, 2012

දෙනෝ දාහක් නුවන් අතරේ -Dheno Daahak Nuwan Athare.. By Nanda Malani



Dheno Daahak Nuwan Athare.. By Nanda Malani
 

දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ...
තනි කළේ...
පාසැල් බිමේ

සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොළු වෙලා
සොඳුරු  පාසැල් පියස
කඳුලින් බොඳවෙලා
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා


නිබඳ ඔබ මා ඇවිද ගියතැන්
සෙවන දුන් ගහ කොළ පුරා
බිමට බරවුනු කැකුලු
අතු ඉති මැලවිලා
දුකින් හදවත ගොළුවෙලා

දෙනෝ දාහක් නුවන් අතරේ
කවුරුදෝ මා
තනි කළේ...
තනි කළේ...
පාසැල් බිමේ

ගායනය : නන්දා මලනී
ගී පද : කුලරත්න ආරියවංශ
සංගීතය : වික්ටර් රත්නායක
චිත්‍රපටිය : වජිරා

Monday, June 18, 2012

මගෙ දුවේ නුඹ අවදියෙන්- කරුනාරත්න දිවුලගනේ Duve Nuba Avadhiyen

මගෙ දුවේ නුඹ අවදියෙන් නම්

මේ රැයේ මිහිරිම වෙලාවයි . . .

දොර ඇරන් එළියට ආවොතින්

මේ මිහිරි දේවල් නුඹටමයි . . .

 

සේපාලිකා මල් බිමට බැහැලා

ඇවිදින්න යන වෙලාවයි . . .

නිල් තරකා බිම බලාගෙන

වැව් දියට පැම් බැදි වෙලාවයි . . . 

මේ පොළොව කෙතරම් සුන්දරද

මගෙ දුවත් තනියෙන් හිනාවෙයි . . .

 

ඝන කළුවරට අප පෙම් කලොත්

ඉර හද තරුවලට අප ණය ගැතියි . . .

ලොව දුන්නු දේවල් අද අපිට

හෙට ලොවට පෙරලා දිය යුතුයි . . .

ඔබ මේ ලොවට ආදරෙයි නම්

මුළු ලොවම ඔබටත් ආදරෙයි . . . 

 

ගායනය : කරුනාරත්න දිවුලගනේ 
ගේයපද : රත්න ශ්‍රී විජෙසිංහ
තනුව    : රෝහන වීරසිංහ

Sunday, June 10, 2012

කල් බලා පිපුනා - සුනිල් එදිරිසිංහ සංඛනි එදිරිසිංහ - Kal Balaa Pipunaa

කල් බලා පිපුනා
පුංචිතරුවක් සඳ ළඟින් අහසේ
ඒ තරකා මල සඳක් වී 
ඔබේ දෑසේ
රැඳේ අද දවසේ..රැඳේ අද දවසේ …

…ඉගිලිලා සමනල් හැඟුම්
…අරුණ ගෙන එයි නව පැතුම්
අවදි වී නොපියු නෙතින්
සෙනෙහසේ මාවත සොයන්

මල් සිනාවැට පීදිලා
රොන් පිරී සුපහන් පෙලා
තුන් සිතින් හිනහී බලන්
මං ඔබේ ලොව රජ වෙලා … …


කල් බලා පිපුනා
පුංචිතරුවක් සඳ ළඟින් අහසේ
ඒ තරකා මල සඳක් වී 
ඔබේ දෑසේ
රැඳේ අද දවසේ..රැඳේ අද දවසේ …


…සිව්දිසා කිලි සෝදමින්
ඇයි ගලා නොපහන් දසුන්
නෑසුනා නොදුටු වෙසින්
මුදු සරින් කව් ගී ගයන්

ඔබ නෙතේ ආලෝකයෙන්
දිනූ ලොව විමසා බලන්
ගෙවා ආමග ඔබ රැඳී
මහා නුග තුර සේ හිඳී ..

කල් බලා පිපුනා
පුංචිතරුවක් සඳ ළඟින් අහසේ
ඒ තරකා මල සඳක් වී 
ඔබේ දෑසේ
රැඳේ අද දවසේ..රැඳේ අද දවසේ …



……ගේයපද : කුමාරදාස සපුතන්ත්‍රි
…සංගීතය :රෝහන වීරසිංහ
…ගායනය : සුනිල් එදිරිසිංහ සමග සංඛනී එදිරිසිංහ … …