Wednesday, July 29, 2009

Neela Nuwan නීලනුවන් මානෙල් මල්

නීලනුවන් මානෙල් මල්
නීලනුවන් මානෙල් මල්
ඇයගේ වත පුන් සඳ වෙයි ගමනින් නාරිලතා පරදන
කලෙත් අරන් ලිඳට ගියා
කලෙත් අරන් ලිඳට ගියා

කියඹුලතා නලලෙ වැටී
නවරසයක් මුහුනෙ සැදී
කොමල පාන තියා තියා

ටිකිරි ලියා ටිකිරි ලියා
කලෙත් අරන් ලිඳට ගියා
කලෙත් අරන් ලිඳට ගියා

හිරු පිබිදී ඔබ දකිමින්
මුලු ගම රසවී මිහිරෙන්
විහග ගීත ගමෙ සදා

ටිකිරි ලියා ටිකිරි ලියා
කලෙත් අරන් ලිඳට ගියා
කලෙත් අරන් ලිඳට ගියා

ගීපද : මඩවල ඇස් රත්නායක
තනු හා ගායනය : දේවානන්ද වෛද්‍යසේකර


No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .