හුරතලේට කවි කියමින්
එහෙ මෙහෙ ගිය මං
බාල බොළද බස් දොඩමින්
කැලේ පැන්න මං
බාල වියෙන් පිටමන් වී
යොවුන් වියට පිය මැන්නේ
පිය ළඳුනෙ
නුඹ නිසාය
//
කැදලි පුරා කුරුලු පුරේ
ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු
තුරුවැල් පෙම් කෙලිනු දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය
හුරතලේට කවි කියමින් ......
උනුන් හඹා දුවන පනින
සමනල පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන
ආදරවන්තයින් දුටිමි//
එවන් දසුන් මාදුටුවේ
පිය ළඳුනේ ...
නුඹ නිසාය
හුරතලේට කවි කියමින් ......
ගායනය හා සංගීතය :වික්ටර් රත්නායක
පද රචනය :මහාචාර්‍ය සුනිල් ආරියරත්න
ගීතය අහල තියෙන කෙනෙකුටත් . . . කරුණාසේන ජයලත් මහතා විසින් රචිත "ලස්සන
ඇස්" නවකතාව කියවල තියෙන කෙනෙකුටත් . . . . . . ඒ ගීතයෙත් . . . නවකතාවෙත් .
. . සමහර කොටසුත් මගේ මේ කතාවෙත් යම්කිසි සමාන ගතියක් තියෙනවා කියල
හිතෙන්න පුලුවන් . . . ඇත්තෙන්ම මේ සිදුවීමෙන් සෑහෙන කාලෙකට පසු මම ඒ
ගීතයත් . . . නවකතාවත් . . . රසවින්ඳට පසු මම දෑස් පියාගෙන අතීතෙට ඉගිලිලා
ගොස් යලි යලිත් ඒ සුන්දර අතීතය මනසින් ස්පර්ශ කලා . . .
කිසිවෙක්
මගෙන් අසුවොත් මා වැඩියෙන්ම ආදරේ කරන්නේ . . . පාසැලේ ගතකරපු අතීතයටද . . .
දහම් පාසැලේ ගතකරපු අතීතයටද කියල . . . . වචන දෙකක් නෑ මම නම් කියන්නේ මා
දහම් පාසැලේ ගතකරපු අතීතයට කියලා . . . එය එතරම්ම සොඳුරුයි . . .
ආශ්වාදජනකයි . . . දැනටත් ඒ කාලය ගැන සිතන කොට . . . මොකද්දෝ කියාගන්න බැරි
. . . කිතියක් වගේ හැඟීමකින් . . . හිත සිහිල් වෙනවා . . . හරියට සිහිනෙන්
දිව ගෑ සුවඳක් වගේ . . .
මේ තියෙන්නේ දුකා ලියන "දුකා" බ්ලොගේ මේ ගීතය හා සබැදුන කතාව හැදින්වීම ..බලන්න ටිකක් කියවලා හිතට වදින්නනම් සම්පූර්නයෙන්ම කියවන්න මෙතනින්
http://dukaa.blogspot.com/2009/08/blog-post.html
ReplyDeleteලොකු ජෝන් වෙලාවක් තිබ්බොත් මේන් මේක බලන්න .. මේ ගීතයට ම ගැලපෙන කතාවක්
ඔන්න මම පොස්ටුවටම එකතු කලා
ReplyDeleteඑල කිරි මචං . .
ReplyDelete