Monday, June 24, 2013

අකලට වට මහ වරුසාවක් සේ - Akalata wata maha

 









අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ


පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුනාදෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වාදෝ


සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ



හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබෙ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදි ලබන දිනේ


ගායනය – නිරංජලා සරෝජිනි
පද රචනය – දයා ද අල්විස්
සංගීතය – නන්දා මාලිනී

1 comment:

  1. අද මෙවන් ගිත ඇහෙන්නට නොලැබිමක්. මේ ගීය ශිල්පිණියන් තිදෙනෙකුගේම විම විශේෂයක්. නරකද මේ වගේ ගියක් ඉදිරිපත් කරන ගමන් ඔබේ අදහසත් ඉදිරිපත් කලොත්

    ReplyDelete

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .