Monday, August 29, 2011

ඉටි පහනක් දෝ මා- නන්දා මාලනී Iti Pahanak do maa By Nanda Malani

සුළඟට සැලෙනා...
සුළඟට සැලෙනා...
 
පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 

මා වට මඳ එළියේ පළඟැටි සේනා සැණකෙළියේ...
මිහිර බි‍‍ඳේදෝ සිරුර සිඳේදෝ..
මා කෙළෙසී යාදෝ...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 

මා වත රුවට ඇදී අනඟ රැඟුම් පා තරග වැදී...
හදවත කළඹා ගත සිත පොළඹා...
නිසසළ දැහැන බිදී...
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 
කළුවර පළස ඉරා මා වත දුබලව දැවෙන තුරා...
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නො...
පණ නල ගනිති සොරා
 
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...
 

ගායනය නන්දා මාලනී
ඉටිපහන් ටෙලි නාට්‍යයෙන්
 
මෙතනින් බාගන්න  http://www.mediafire.com/?pwwvo49rpocy5ld

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .