Monday, August 29, 2011

ඇගේය ඔබ දැන් ඇගේය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් Ageya Oba Dan Deepika Priyadarshani Pieris

ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුලැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය
 
ඔබ මට ජල ධාරාවක් වගේය
සීතල ජල ධාරාවක් වගේය
ඒ ජල ධාරාවම දැන් ඇගේය...
එනමුත් ජලයේ සිසිලස මගේය...
ජලයේ සිසිලස මගේය...
 
ඇගේය ඔබ දැන්..
 
ඔබ මට මිණි වීණාවක් වගේය
කොකණද මිණි වීණාවක් වගේය
ඒ මිණි වීණාවම දැන් ඇගේය...
එනමුත් වීණා නාදය මගේය...
වීණා නාදය මගේය...
 
ඇගේය ඔබ දැන්..
 
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
 
මෙතනින් බාගන්න http://www.mediafire.com/?z7md3li1cdr6jv8

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .