Friday, July 27, 2012

සමාස තද්ධිත Samasa Thadditha වික්ටර් රත්නායක - සුජාතා අත්තනායක

ගායනය :වික්ටර් රත්නායක, …සුජාතා අත්තනායක
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක

සමාස තද්ධිත 
ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි 
විභක්ති ක්‍රියා පද

වින්ධ්‍යා කඳුවැටි 
භූමි විෂමතා
දාසෙන් මහසෙන් 
ගැමුණු විජයබා





මා හා කතා කරනු මැන
දෙනුවන් කවුළු අයා
පෙම් නොකරමි මම පාසැල් කාලේ
ඇදුරන් දෙනෙත වසා


සමාස තද්ධිත 
ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි 
විභක්ති ක්‍රියා පද

වින්ධ්‍යා කඳුවැටි 
භූමි විෂමතා
දාසෙන් මහසෙන් 
ගැමුණු විජයබා


මා දා පළා නොයනු මැන
පෙම් මල් උයන දවා
පෙම් සටනට පෙර දිවි සටනින් බොමු
ජය පැන් විත පුරවා

සමාස තද්ධිත 
ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි 
විභක්ති ක්‍රියා පද

වින්ධ්‍යා කඳුවැටි 
භූමි විෂමතා
දාසෙන් මහසෙන් 
ගැමුණු විජයබා
...............................
මෙතනින් අහන්න

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .