Sunday, August 5, 2012

මා එක්කලා අමනාපව Maa Ekkala Amanapawa

මා එක්කලා  අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ  ගෙදර


වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා
මිදුලේ වැටුන කොල සේරම අතුගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළි වෙනතුරා ඉමු මිදුලට වීලා

හඳ මාමා නැගෙනතුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පනිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමු

මා එක්කලා  අමනාපව ..වී දබර
දූගෙ තාත්තා.. එන්නෙ ...නැහැ  ගෙදර



ගායනය :…මාලනී බුලත්සිංහල
ගී පද :ප්‍රේමකීර්ති ද අල්විස්
…තනුව :…එච් එම් ජයවර්ධන


 …මෙතනින් අහන්න

4 comments:

  1. පද රචනය දයාද අල්විස් (පළමු බිරිද) කියලා තැනක සදහන් වෙලා තිබුනා මම දැකලා තියෙනවා,

    ඒක ඇත්තද

    ReplyDelete
  2. බොහොම ස්තුතියි දෙන්නටම මෙහි ආවට. ඔය වගේම ගැටලුවක් තියනවා නෙද ප්‍රියා සූර්යසේන ගයන "ඈත රන් විමන් " ගීතයට

    ReplyDelete
  3. ඒ ගැන නං අහලා නැ, දවසක් කව්රැහරි ජනමාධ්‍යයකම තමයි කියනවා මට ඇහුනේ

    ReplyDelete

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .