පීදෙන ගොයමේ නෑඹුල් සුවඳින් ඔකඳ වෙලා…
එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා...
දුනුකේ ඉහිරුණු නිල්තණ පළසේ වාඩිවෙලා...
මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා...
ගමට ඇහෙන්නට කවි කිව්වත් ඔබ රසට ගොතා...
කොහොම කියන්නද මගේ කවිය මම කෑ ගසලා...
කවිය මගේ හඬ නොනැඟේ සිත පතුලේ තව සැඟවේ...
වැට කොටු බැඳ ඇති පැළට උඩින් මගෙ ඉගිල්ලිලා...
මගේ කවිය ගැන ඔහුට කියනවද වසන්වෙලා...
මළිත්තනේ බටිත්තනේ පැලේ දොරෙන් වරෙව් අනේ...
ගායනය :- විශාරද නන්දා මාලනී
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:- ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment
ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .