Saturday, October 14, 2017

ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී



ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්
දිය ඇඳි ඉරි සේ මැකී ගියාදෝ
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග
මහ වන වදුලක සැඟව ගියාදෝ

දෑත් එකතු කොට මහවැලි ඉවුරේ
ගෙවූ සැඳෑවන් අමතක වීදෝ
තුරු සෙවනැලි යට නිසල නිහඬ වූ
දෑස් කතාවන් අමතක වීදෝ

යළිත් වතාවක් ඔබේ සිඟිත් රුව
නොදැකම සදහට නෙත් පියවේදෝ
සසර පුරා යන මේ දිගු ගමනේ
කවදා කෙලෙසක යළි හමු වේදෝ

ගායනය :මිල්ටන් මල්ලවාඅරච්චි
…පද රචනය :බන්ඩාර කේ විජෙතුංග …
සංගීතය :සරත් දසනායක

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .