Thursday, April 9, 2020

ඔබ දැන් කීවත් - Oba Dan Keewath - Milton Mallawarachchi



ඔබ දැන් කීවත් කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙන් මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුළු සලා...

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා

ඔබ දැන් කීවත් කඳුළු සලා...


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
ගී පද - චිත්‍රානන්ද අබේසේකර
සංගීතය - සරත් දසනායක

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .