Friday, April 10, 2020

හිතුමතේට දීග ගිය දුවේ - නන්දා මාලිනී Hithumatheta Deega Giya Duwe - Nanda Malani


හිතුමතේට දීග ගිය දුවේ
නුඹේ දුවත් හිතුමතේට දීග ගිය දිනේ
පියාණනුත් මමත් මෙදා විඳින දුක දැනේ

ඇස් දෙක වන් පුංචි දුවේ
නුඹ නැති ගෙය ගෙයක් නොවේ
ගෙයි ඇවිලූ පහන නිවී
පපුවේ ගිනි පුළිඟු දැවේ

යෞවනයේ හීන ලොවේ
හීන සැබෑ ලොවෙහි නොවේ
නිදුකින් හිමි සඳ සමගින්
මෙවන් දුකක් නොලැබ ඉඳින්

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න. 
සංගීතය - නන්දා මාලිනී.

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .