Friday, September 18, 2020

කරුණා සුවඳ තවරාලු - නිහාල් නෙල්සන් | Karuna Suwanda NIhal Nelson

 



කරුණා සුවඳ තවරාලු හද පියුමේ
ම‍වගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ
කාටද මම අම්මේ... 

ලේ කිරි ‍කරලා මට පොවලා මා හැදු වැඩු අම්මේ
පුංචි කාලේ දන ගාගෙන යනකොට නැගිටින්නට අත දුන් අම්මේ
හොදින් නරක දේ වෙන් කරලා ‍ඔවදන් දුන් අම්මේ...
මතු සංසාරේදී ඔබේම පුතු ලෙස උපදින්නට පතනෙමි අම්මේ 
 

කරුණා සුවද .....
 

බඩගිනිවීලා හැඩු විටදි මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්වලා මට මා ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩ ගහලා පුතා කියු අම්මේ...
ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙම් අම්මේ.....
 

ගායනය තනුව හා පබැදුම නිහාල් නෙල්සන්
පබැදුම් සහාය වර්නන් පෙරේරා

No comments:

Post a Comment

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .