Friday, August 7, 2009

Mawakage Unusuma By K. Sena

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ 
ඔබෙන් සිඟිති පුතේ මගෙ පාලුව මැකේ

අප දෙන්නා අඳුරු ලොවැක තනිකරදා පුතේ
නුබෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ
 

මා හටදී ඔයා ඈ සුර ලොව ගියා//

හිතේ තියන පාලු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ//
 

සුරවිමනට වැදී මගෙ රන් කඳ නිදී//

පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ

නිදා ගන්න පුතේ තාත්තගෙ අතේ //

තවමත් කිරි සුවඳ දැනෙයි ඔබෙ සිලිටි ගතේ
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතෙයි පුතේ  //

පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කඳුලු පිරෙයි පුතේ
දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ //

Mawakage Unusuma By K. SenaYou can use the following link to retrieve this song
MAWAKAGE UNUSUMA laksongs.blogspot.com by Loku John

2 comments:

ගීතයට අදාලව ඔබේ හිතට දැනෙන දෙ ලියන්න .